Life
කාන්තාවන් අතර බහුල යටි පතුලේ වේදනාව
කාන්තාවන්ට වැලඳෙන රෝග අතුරින් බහුලව දැකිය හැකි රෝගයක් ලෙස යටිපතුලේ වේදනාව හඳුන්වා දිය හැක. උදෑසන මෙම වේදනාව දැඩිය දැනෙන බැවින් ගෙදරදොරේ සාමාන්‍ය වැඩකටයුතු කර ගැනීමත් ඉතාමත් අපහසු විය හැක.
අපගේ පාදය එනම් වළලුකරෙන් පහළ කොටස අස්ථි 26 ක්ද, සන්ධි 33 ක්ද, ඒවා එකිනෙකට සම්බන්ධ කරන පේෂි ඛණ්ඩරා (Tendons & Ligarment) රාශියක් එනම් සියයකට අධික ප්රමාණයකගේ එකතුවෙන් සෑදී ඇත. යටි පතුලේ ඇති විශාලම අස්ථියෙන් විලුඹ සෑදී ඇත.
යටි පතුලේ වේදනාවට හේතු
මෙලෙස යටිපතුලේ වේදනාව තවත් වේදනාවන් කිහිපයක් නිසාම හටගත හැක. එනම් ආතරයිටිස් (Arteritis) Planter Fasciitis අස්ථිවලට සිදුවන අනතුරු (Trauma), විෂබිජ ආසාදන බහුල වේ. මේ අතුරින් Planter Fasciitis යන තත්ත්වය නිසා යටිපතුලේ වේදනාව වැඩිපුර දැකිය හැක.
Flanter Fasciitis
මෙම තත්ත්වය ඕනෑම වයසකදී ඇතිවිය හැකි අතර වයස 30-60 ත් අතර කාන්තාවන්ට බහුලව දැකිය හැක. මෙම තත්ත්වය හඳුන්වාගත හැකි ඉතාමත් පහසුම කරුණ වන්නේ උදෑසන ඇදෙන් බැස්ස විටදී පය බිම තැබූ විටදී වේදනාවක් දැනීමයි. ඉන් මඳ වේලාවකින් එය ඉබේම නැති වී යා හැක. එසේම පඩිපෙළක් නැගීම, දීර්ඝ වේලාවක් සිටගෙන සිටින විටදී ද මෙම තත්ත්වය ඇතිවිය හැක.
මේ සඳහා ක්‍රීඩා වෛද්‍ය විද්‍යානුකූලව ප්‍රතිකාර ක්‍රම කීපයක් එකවර අනුගමනය කළ හැක.
Heel bone) විලුඹේ ඇති අස්ථියේ සිට පාදයේ ඇඟිලි දක්වා විහිදෙන්නා වූ පැතලි තැටියක් වැනි ව්‍යුහයේ (Planter Fescia) ඇතිවන රෝගී තත්ත්වයකි. මෙහිදී අධික ලෙස ඇදීම නිසා එය දුර්වල වී ඉදිමීම සිදු වේ. සියුම් ඉරීම්වලට ලක්වේ. ඉතාමත් පීඩාකාරී තත්ත්වයකි. මෙය එකවරම පාද දෙකටම ඇතිවිය හැක.
අපගේ ශරීර ස්කන්ධය මෙන් 1.25 ක ගුණයක්ද දිවීමේ දී එය 2.75 ක ගුණයකින්ද යටිපතුල මත ආතතියක් ඇති කරනු ලැබේ. අධික තරබාරුව, ගර්භණීභාවය, නිවැරදි අයුරින් පාවහන් නොපැලඳීම හා බත්කෙණ්ඩ අවට මාංශ පේශීන්ගේ තද බවද මෙම තත්ත්වයට හේතු වේ.
මෙලෙස රෝග ලක්ෂණයන් ඇති විටදී ඔබ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. තමන්ගේ රෝග ඉතිහාසය විමසනු ලැබේ. ඔබගේ ලෙඩ රෝග තත්ත්වයන්ට අමතරව ක්‍රියාශීලී බව, නිරතව සිටින රැකියාව ආදී කරුණු සැලකිල්ලට ගනු ලැබේ. කෙනකු සිටගෙන සිටින ඉරියව්ව, ඇවිදින ඉරියව්ව හා යටිපතුල සුපරීක්ෂාකාරීව පරීක්ෂා කිරීම මගින් මෙම රෝග තත්ත්වයන් නිර්ණය කරගත හැක.
ඉතාමත් කලාතුරකින් මේ සඳහා එක්ස් රේ හා එම්. ආර්. අයි. ස්කෑන් භාවිත කරනු ලැබේ.
♦ ප්‍රතිකාර කිරීමේ දී විවේකීව සිටීම ඉතාමත් අත්‍යවශ්‍ය වේ.
♦ දීර්ඝ කාලයක් සිටගෙන සිටීම, ඇවිදීම, දිවීම හා යටිපතුලට ඇතිවන ආතතිය වැඩිකරන ක්‍රියාකාරකම් හැකිතාක් දුරට අවම කිරීම
♦ වේදනාව ඇති තැනට අයිස් ප්‍රතිකාර ලබා දීම (විනාඩි 10-15 ක් ලේන්සුවක් සම මත අතුරා අයිස් තැබිම)
♦ වේදනා නාශක භාවිතය
♦ Night Splints වැනි උපකරණ රාත්‍රී කාලයට පැලඳීම
♦ විශේෂිත ටේප් වර්ගයක් විලුඹ ප්‍රදේශයේ ඇලවීම (Taping) මෙය නවතම ක්රමයකි. සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි මෙම ක්‍රමය ක්‍රීඩා වෛද්‍යවරයකුගේ උපදෙස් මත පැලඳීම සුදුසු වේ.
♦ සපත්තු තුළට දැමිය හැකි විශේෂිත උපකරණ මගින් පාදයේ වක්‍රතාවයෙන් සිදුවන සංකූලතා මගහරවාගත හැක.
♦ ව්‍යායාම හා සම්බාහන ක්‍රම අනුගමනය කළ හැක.
♦ මෙම රෝගී තත්ත්වය දිගින් දිගටම පවතී නම් ඛිධපබඪජධඵබඥපධඪඤඵ නමැති නික්ෂේපණ හෝ PRP (plateiet Rich Plasma) නික්ෂේපණ කළ යුතුය.
♦ ඉතාමත් කලාතුරකින් ශල්‍යකර්ම සිදු කරනු ලබයි. මෙහිදී වැඩි ව්‍යාකූල තත්ත්වයක් නම් පමණක් මේ සඳහා යොමු වේ.
යටිපතුලේ වේදනාව ඇති වීම වළක්වාගත හැකි ක්‍රම
♦ නිතරම නිවැරදි පාවහන් භාවිතය
♦ අවශ්‍ය විටදී පාවහන් මාරු කර නව පාවහන් පැලඳීම
♦ සිරුරේ බර අඩුකර ගැනීම
♦ ක්‍රීඩා කරන විට උණුසුම් මෙන්ම සිසිල් කරන ව්‍යායාමද නිසි අයුරින් කිරීම
♦ නිවැරදි ආහාර පුරුදු හා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සංඛ තෙබුවනආරච්චි
Wmqgd .ekSu oekqu weiqfrks